යේමනයට මුහුණදෙන්න ලංකාවෙන් 24ක්

ශ්‍රී ලංකාව සහ යේමනය අතර පැවැත්වෙන තරග 2කින් යුත් පාපන්දු තරගාවලිය

International Football

47

ශ්‍රී ලංකාව සහ යේමනය අතර පැවැත්වෙන තරග 2කින් යුත් පාපන්දු තරගාවලිය සඳහා සාමාජිකයන් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබිණි.

සුපුරුදු පරිදි මෙම තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම පැවරී ඇත්තේ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාටයි. එසේම කළකට පසුව භාරත් සුරේෂ්, ක්ලෝඩියෝ ක්ලැමර්චෙට්, ඩිලොන් ද සිල්වා, ජැක් හින්ගර්ට් සහ ජේසන් තයපරන් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් සාකායිරිජි ස්ටීවන්, වේඩ් ඩෙකර් සහ වසීම් රාසික් මෙම 24 දෙනාගේ සංචිතය සඳහා නම් කර නැත.
දෝහා කටාර්හිදී පැවැත්වීමට නියමිතව ඇති මෙම සුහද පාපන්දු තරගය ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙරහුරුවක් ලෙසින් පැවැත්වෙනු ඇත. එහි පළමු තරගය හෙට (16දා) පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය 19 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අබ්දුල්ලා අල්මුතායිරි කටයුතු කරයි.
ශ්‍රී ලංකා සංචිතය - සුජාන් පෙරේරා (නායක), කවීෂ් ප්‍රනාන්දු, හර්ෂ ප්‍රනාන්දු, ජූඩ් සුපාන්, මොහොමඩ් ආකිබ්, මොහොමඩ් රිෆ්කාන්, මොහොමඩ් මුර්ෂිත්, මොහොමඩ් හස්මීර්, මොහොම ඩ්අමාන්, මණරම් පෙරේරා, කලණ සමීර, සෙනාල් සන්දේශ්, භාරත් සුරේෂ්, ආදවන් රාජමෝහන්, ඔලිවර් කෙලාර්ට්, ජේසන් තායප්පන්, ලියොන් පෙරේරා, ක්ලෝඩියෝ ක්ලැමර්චෙට්, සෑම් ඩුරන්ට්, අනූජන් රාජේන්ද්‍රම්, ජැක් හින්ජෙට්, ඩිලොන් ද සිල්වා, මොහොමඩ් තිලාම්, රාහුල් සුරේෂ්