අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය තෙවැනි සතියේ තරග හෙට සිට

ශ්‍රී ලංකා රග්බි ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලිය

Club Rugby

40

ශ්‍රී ලංකා රග්බි ආයතනය මගින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියෙහි දෙවැනි සති අන්තයේ තරග හෙට (20දා) ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

එහිදී දෙවැනි සතියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ක්‍රීඩා සමාජය අතර තරගය අද පස්වරුවේ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ඉන් අනතුරුව අනිද්දා  (21දා) ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර තරගය රත්මලානේදීත්, මහනුවර ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය නිත්තවෙලදීත් පැවැත්වෙනු ඇත.
එසේම දෙවැනි සතියේ අවසන් තරගය ලෙස ඉරිදා සී.ආර්. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් අතර තරගය කොළඹ ලොන්ඩන් පෙදෙසේදීත් පැවැත්වීමට නියමිතව තිබේ