ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී එක්දින සහ විස්සයි-20 තරගාවලියක් වෙනුවෙන් නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් ඇතුළත්ය. එසේම නවසීලන්ත කාන්තා කණ්ඩායම 2024 විස්සයි-20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව එක්වන පළමු විස්සයි-20 තරගාවලිය ද මෙයයි. එසේම මෙම තරගාවලිය සඳහා පුහුණු තරග 2ක් ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
අදාළ තරග සංචාරයට එක්වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එළැඹෙන සෙනසුරාදා (22දා) නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්වන පළමු පුහුණු තරගය මෙම මස 27 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය 28 වැනිදා පැවැත්වේ. එම තරග දෙකම ලින්කන්හිදී පැවැත්වීමට සැළසුම් කර තිබීම ද විශේෂත්වයකි. දෙරට අතර පළමු එක්දින තරගය මාර්තු මස 4 වැනිදා නේපියර්හිදී පැවැත්වෙන අතර දෙවැනි තරගය මාර්තු මස 7 වැනිදා පැවැත්වෙන්නේ නෙල්සන්හි සෙක්සන් ඕවල් ක්‍රීඩාංගණයේදීය. තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගය මාර්තු මස 9 වැනිදා පැවැත්වෙන්නේ නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදීමය