ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් තරග බිමට පිවිසෙන 2025 ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා (22දා) රාත්‍රියේ සිට ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව ඇත. එහි සමාරම්භක තරගය සඳහා ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දීය මාස්ටසර්් කණ්ඩායම හෙට රාත්‍රී 7.30ට මුම්බායිහිදී තරග බිමට පිවිසෙනු ඇත. එසේම මොනරා ටී.වී. නාලිකාව ඔස්සේ මෙම තරගාවලියේ උණුසුම ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් වෙත ද ලඟා කිරීමට අවස්ථාව සළසා තිබීම කැපී පෙනේ. ඒ අනුව එම තරගාවලියේ සජීව විකාශය මොනරා ටී.වී. ඔස්සේ සිදු කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම තරගාවලිය මෙම මස 22 වැනිදා සිට මාර්තු මස 16 වැනිදා දක්වා පැවැත්වේ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන දෙවැනි තරගය 26 වැනිදා දකුණු අප්‍රිකා මාස්ටර්ස් කණ්ඩායම සමඟින් පැවැත්වේ. එසේම මූලික වටයේ ශ්‍රී ලංකාව එක්වන තෙවැනි තරගය ඕස්ටේ්‍රලියානු මාස්ටර්ස් කණ්ඩායම සමඟින් මෙම මස 28 වැනිදා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන සිවුවැනි තරගය බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම සමගින් මාර්තු මස 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. මූලික වටයේදී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම මුහුණදෙන අවසන් තරගය මාර්තු මස 10 වැනිදා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.
මෙහි අවසන් පූර්ව තරග මාර්තු මස 12 සහ 14 යන දිනයන්හිදී පැවැත්වීමට සැළසුම් කර තිබේ. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු මස 16 වැනිදාය.
මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාරටයි. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි.
මෙම තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ අවස්ථාව පසුගියදා දිල්ලි නුවර ඩී.වයි. පට්ලි විශ්ව විද්‍යාලයේ දී පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර පවසා තිබුණේ මෙය අපූර්ව තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. එහිදී තවදුරටත් මෙසේ ද අදහස් දක්වා තිබූ ශ්‍රී ලංකා නායකයා ‘මෙම අති විශිෂ්ට තරගාවලියට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටට පත්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට මාගේ ජීවිතයේ විශාල කොටසක් හිමි වෙනවා. එසේම මෙම ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තානාපතිවරුන් සමඟින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වීමත් සුවිශේෂී කරුණක් ලෙස මම සළකනවා.’ යනුවෙන් පවසා තිබිණි.
එසේම මෙම තරගාවලියට එක්වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ හිටපු සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ටයි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිටපු පිතිකරු බ්‍රයන් ලාරාට හිමිව ඇති අතර ශේන් වොට්සන් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම මෙහෙයවනු ඇත. දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායමේ නායකත්වය ජොන්ටි රෝඩ්ස්ට හිමි වෙද්දී එංගලන්ත නායකත්වය හිමිව ඇත්තේ ඉයන් මෝගන්ටයි.
ශ්‍රී ලංකා සංචිතය - කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, අශාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහ, සික්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා