ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩිකා මොලී පෙන්ෆෝල්ඩ් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ අනුව දණහිසේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරගාවලිය සහ සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගාවලිය ද ඇයට අහිමි වන බව නවසීලන්ත ක්‍රිකට් පරිපාලනය නිවේදනය කර තිබිණි.
නවසීලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියට අදාළව මෙම මස මුල් සතියේ පැවැති තරගයක් අතරතුර මොලී වම් පාදයේ දණහිසේ ආබාධයකට ගොදුරු වී තිබිණි. ඉන් අනතුරුව අදාළ ආබාධය සුව කර ගැනීම වෙනුවෙන් ශෛල්‍යකර්මයකට පවා මුහුණදීමට ඇයට සිදුව තිබිණි. කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ මොලීගේ ආබාධය සුව වීම සදහා සති 12ක පමණ කාලයක් ගත වනු ඇති බවයි. ඒ අනුව ඉහත තරගාවලි ද්විත්වයෙන්ම ඇය ඉවත් කිරීමට නවසීලන්ත ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරගාවලියෙන් නවසීලන්ත නායිකා සොෆී ඩිවයින් ද ඉවත් වී ඇති බව වාර්තා වේ. සිය පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැළකිලිමත් වෙමින් ඇය මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3ක් ඇතුළත්ය. එසේම නවසීලන්ත කාන්තා කණ්ඩායම 2024 විස්සයි-20 ලෝක කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව එක්වන පළමු විස්සයි-20 තරගාවලිය ද මෙයයි. එසේම මෙම තරගාවලිය සඳහා පුහුණු තරග 2ක් ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.