නවසීලන්ත නායිකා සොෆී, ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 තරගාවලියෙන් ඉවතට

කාන්තා අයි.පී.එල්. තරගාවලියෙන් ද ඉවත් වීමට වෛද්‍ය විශේෂඥ උපදෙස් මත තීරණය සොෆී තීරණය කරයි.

Womens Cricket

45

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී එක්දින සහ විස්සයි-20 තරගාවලියක් වෙනුවෙන් නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර ඊට නවසීලන්ත නායිකා සොෆී ඩිවයින්ගේ සහභාගිත්වය අවිනිෂ්චිත බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ සොෆී ඩිවයින් සිය සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි. කෙසේ වෙතත් මින් පසුගියදා පැවැති කාන්තා සුපර් ස්මෑෂ් විස්සයි-20 තරගාවලිය අතරමැද දී ද ඉන් ඉවත් වීමටත් කාන්තා අයි.පී.එල්. තරගාවලියෙන් ද වෛද්‍ය විශේෂඥ උපදෙස් මත නවසීලන්ත නායිකාව තීරණය කර තිබිණි.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති කාන්තා ලෝක කුසලානයේ ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව නවසීලන්ත කාන්තා කණ්ඩායම ඉන්දියාව සමඟින් එක්දින තරගාවලියකට එක්වූ අතර ඉන් අනතතුරුව කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමත් සොෆී ඇතුළු නවසීලන්ත ක්‍රීඩිකාවන්ට සිදු විය. කෙසේ වෙතත් මෙම කාර්යබහුලත්වය හමුවේ මෙලෙස තරගාවලි කිහිපයකින්ම ඉවත්වීමට සොෆී තීරණය කර තිබිණි. එහි එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියෙන් ද ඉවත් වීමට සොෆී තීරණය කර තිබීම ද විශේෂත්වයකි