පුතා නිසා මොහොමඩ් නබීගේ විශ්‍රාමය පමා වෙයි

පෙර සැලසුම් කළ පරිදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු නොදීමට තීරණයක්

International Cricket

60

ඇෆ්ගනිස්ථානයෙන් බිහි වූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, නායකයෙක් වන මොහොමඩ් නබී පෙර සැලසුම් කළ පරිදී ශුරයින්ගේ කුසලාන තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු නොදීමට තීරණය කර තිබේ.

මේ වන විට 18 හැවිරිදි වියෙහි පසුවන නබීගේ පුත් හසන් එයිසාකිල්ගේ සමඟ කෙටි කලක් ජාත්‍යන්තර තරග බිමේ ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත. නබීගේ පුත් හසන් 2024 යොවුන් ලෝක කුසලානයේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස ඇෆ්ගනිස්ථානය නියෝජනය කළේය.