ලෝක ටෙනිස් ශූර සර්බියාවේ නොවැක් ජෙකොවික් පෙරේදා තම සියවැනි ඒකල ටෙනිස් ජයග්‍රහණය වාර්තා කළේය. ලොව ඒකල ටෙනිස් ජයග්‍රහණ සියයක් වාර්තා කළ තෙවැනි ක්‍රීඩකයා ලෙස ඔහු එහිදී වාර්තා පොත් අලුත් කිරීම කැපී පෙනුණි. මීට පෙර ඒකල ටෙනිස් ජයග්‍රහණ සියයේ සීමාව පසු කර ඇත්තේ ජීම් කොනර් ස් සහ රොජර් ෆෙඩරර් පමණී.
ස්විස්ටර් ලන්තයේ ජිනිවාහි පැවති ජීනිවා විවෘත ටෙනිස් තරගාවලියේ තරගයකදී පෝලන්තයේ හර් කාක්ස්ට එරෙහිව තරග වට 2-1ක් ලෙස ජෙකොවික් මෙම ජයග්‍රහණය ලබා ගත්තේය. මේ වන විට 38 වැනි වියෙහි පසු වන ජෙකොවික් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසු වෙයි.