ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක ස්ර්බියාවේ නොවැක් ජොකොවිච් අනපේක්ෂිත පරාජයකට මුහුණදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේදී ෆ්ලොරිඩාහි දී පැවැති මියාමි විවෘත ටෙනිස් තරගාවලියේදීයි.
2025 මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ හාඩ් රොක් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ අතර එහිදී ජොකැවිච් පරාජයට පත් කර ගනිමින් ශූරතාව හිමිකර ගැනීමට 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක ජේකුබ් මෙන්සික් සමත් වීම කැපී පෙනිණි. එම තරගයෙන් තරග වට 2-0ක පහසු ජයක් හිමිකර ගත් ජේකුබ්ගේ පළමු ජාත්‍යන්තර ටෙනිස් ශූරතාව ද මෙයයි.
එහිදී නොවැක් ජොකොවිච් ලකුණු 7-6ක්, සහ 7-6ක් ලෙසින් පරාජයට පත් කිරීමට ජේකුබ්ට හැකි විය.