2025 ඉන්දියන් වෙල්ස් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට 17 හැවිරිදි රුසියානු ක්‍රීඩිකා මිරා අන්ද්‍රේවා පසුගියදා සමත් වූවාය.
එම අවසන් තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව වන ආන්‍යා සබලෙන්කා පරාජය කරමින් අන්දේ්‍රවා මෙම කුසලානයට හිමිකම් කීම කැපී පෙනිණි.
එම තරගයේ තරගයේ පළමු වටය 6-2ක් ලෙස ජය ගන්නට සබලෙන්කා සමත්වුව ද දෙවන වටයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් 17 හැවිරිදි අන්දේ්‍රවා එම වටය 6-4ක් ලෙස ජය ගත්තා. තීරණාත්මක තෙවැනි තුන්වැනි වටයේද ද ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අන්ද්‍රේවා එය ජයගත්තේ ලකුණු 6-3ක් ලෙසිනි.
ඒ අනුව තරග වට 2-1ක පහසු ජයක් හිමිකර ගත්තේ 17 හැවිරිදි රුසියානු ක්‍රීඩාකා මිරා අන්දේවායි. 1999 වසරේ සෙරීනා විලියම්ස්ගෙන් පසු එම තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනූ ලාබාලතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙසින් මිරා අන්ද්‍රේවා මෙහිදී වාර්තා අතරට එක්වීම කැපී පෙනිණී.