2025 පාසල් ජල ක්‍රීඩා තරගාවලිය හෙට සිට

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 2025 පාසල් ජල ක්‍රීඩා තරගාවලිය

Swimming

1000

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන 2025 පාසල් ජල ක්‍රීඩා තරගාවලිය හෙට (17දා) සිට මෙම මස 22 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිණුම් තටාක සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

නෙස්ලේ මයිලෝ, මෙවරත් පාසැල් ජල ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙයි.
රට පුරා විසිරී සිටින දරුවන්ගේ දක්ෂතා හා හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙමින් ක්‍රීඩාව වටිනාකම් තුලින් ශූරයන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන නෙස්ලේ මයිලෝ, දශක 3කට වැඩි කාලයක් තිස්සේ මෙරට පිහිනුම් ශූරයන් පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරයි.
එහි තවත් පියවරක් ලෙස මෙවර 50 වැනි වරටත් සංවිධානය කරන පාසල් ජල ක්‍රීඩා තරඟාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට නෙස්ලේ මයිලෝ කටයුතු කර ඇත. ඒ තුලින් කීඩාවේ විවිධත්වය දිනා ගැනීම හා සෑම දරුවෙකුටම පිහිනුම් සහ කිමිදුම් ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා සමාන අවස්ථාවන් ලබා දීමට ඔවුන් අරමුණු කොට ගෙන ඇත. දශක 3කට අධික කාලයක් මෙරට පිහිනුම් ශූරයන් බිහිකිරීමේ අභිමානවත් උරුමයකට හිමිකම් කියන නෙස්ලේ මයිලෝ ක්‍රීඩාවේ දියුණුවේ හවුල්කරුවකු බවට පත්ව ඇත්තේ සුවිශේෂී ජයග්‍රහණයන් අත්පත් කර දෙමිනි.
ශ්‍රී ලාංකේය පාසල් දූ දරුවන්ට තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් සලසා දෙන මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා පාසල් 275ක ශිෂ්‍යාවන් 2000කට අධික සංඛ්‍යාවක්ද ශිෂ්‍යයින් 3000කට අධික සංඛ්‍යාවක්ද සහභාගී වීමට නියමිතය.