2025 දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ පැසිපන්දු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී බාලක සහ බාලිකා දෙඅංශයේම අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදු විය.
ඒ අනුව ශ්‍රී ලංකා බාලක සහ බාලිකා කණ්ඩායම් ද්විත්වයම මෙවර දකුණු ආසියානු වයස අවුරුදු 16න් පහළ පැසිපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම අවසන් මහා තරග ද්විත්වය සඳහාම ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ ඉන්දීය කණ්ඩායම වීම ද විශේෂත්ව
යකි.