2024 කාන්තා T20 ලෝක කුසලානය එක්සත් අරාබි එමිර්‍ර් රාජ්‍යයේ දී අද ඇරැඹෙයි

පලමු තරගය සත්කාරක කණ්ඩායම හා මංගල ක්ක්‍රීඩකයින් වන ස්කොට්ලන්තය අතර පැවැත්වේ

International Cricket

96

ලෝවාසී සියලු දෙනාගේ අවදානය දිනාගත්  කාන්තා T20 ලෝක කුසලානය 2024 ඔක්තෝබර් 3 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තව පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිත අතර, සත්කාරක බංග්ලාදේශය ආරම්භක තරඟයේදී තරඟාවලියේ මංගල  ක්‍රීඩකයින් වන ස්කොට්ලන්තයට මුහුණ දෙයි.

 කාන්තා විස්සයි20 ලෝක කුසලානයේ මෙම නවවැනි සංස්කරණයේදී කණ්ඩායම් 10ක් තරග වදින අතර, A කාණ්ඩය සහ B කාණ්ඩය යටතේ කාණ්ඩ 2කට බෙදා ඇත. 

තරගාවලිය දින 18ක කාලයක් පුරා තරග 23කින් සමන්විත පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 20 වැනිදා අවසන් වේ.  එහිදී නව T20 ලෝක ශූරයා කිරුළු පළඳවනු ඇත.