බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ‘ඩක්වර්ත් සහ ලුවිස්’ න්‍යායට අනුව කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ හැකියාව ලැබිණි.
මෙම ජයත් සම තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ලංකාවට හැකි විය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. එහිදී ඔවුන් පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ කොදෙව් ඉනිම නිමා කිරීමට සිසිදු විය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමි විය. කෙසේ වෙතත් කඩුලු 5ක් පමණක් දැවී පන්දුවාර 31.5ක් තුළ එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායමට හැකි විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසංලක ලකුණු 77ක් හා සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකල නිශාන් මධුෂ්ක ලකුණු 69ක් රැස්කිරීමට සමත් වූහ.
අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05කට ද කුසල් මෙන්ඩිස් ලකුණු 13කට ද සධීර සමරවික්‍රම ලකුණු 18කට ද දැවී ගිය අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 30ක් සහ ජනිත් ලියනගේ නොදැවී ලකුණු 18ක් ද රුස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණ කරා රැගෙන ගියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02ක් මෙන්ම ජෙෆ්රි වැන්ඩසේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මාන දිනාගත්තේය.