ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අබ්දුල්ලා අල්මුතාරි පත් කළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙසින් ද ඔහු කටයුතු කළේය. මීට පෙර නේපාල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ද අබ්දුල්ලා අල්මුතාරි කටයුතු කළේය.
කාම්බෝජ කණ්ඩායම සමඟින් පසුගියදා පැවැති පාපන්දු තරගාවලිය වෙනුවෙන් ඔහු, ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරු ලෙසින් පත් කරනු ලැබීය. එසේම එම තරගයේදී කාම්බෝජයට එරෙහිව විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි. ඊට අමතරව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 205 වැනි ස්ථානයේ සිට ඉහළට පැමිණීමට ද එම ජයග්‍රහය හේතු විය.