බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම ලියම් ලිවිංස්ටන්ට හිමිවී ඇත.
ඒ අනුව ලිවිංස්ටන්, එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත්වන පළමු අවස්ථාව ද මෙයයි.
කෙසේ වෙතත් එංගලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක ජොස් බට්ලර් පාදයේ ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් ලිවිංස්ටන්ට මෙම අවස්ථාව හිමිවී තිබේ. මේ වන විට 31 හැවිරිදි වියේ පසුවන ලියම් ලිවිංස්ටන්, එංගලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 30කට සහ විස්සයි-20 තරග 50කට ක්‍රීඩා කර තිබේ.
එසේම එම පාදයේ ආබාධය නිසා 2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව කිසිදු තරගයක් සඳහා එක්වීමට ජොස් බට්ලර්ට හැකි වූයේ නැහැ.
එසේ වුවත් කොදෙව්වන්ට මුහුණදීමට නියමිත එංගලන්ත සංචිතය සඳහා ද ජොස් බට්ලර් එක් කිරීමට එරට තේරීම් කමිටුව කටයුතු කර තිබිණි. නමුත් පසුව සිදු කළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකදී අනාවරණය වී තිබුණේ බට්ලර් තවමත් පූර්ණ සුවය ලබා නොමැති බවයි. එසේ වුවත් කොදෙව්වන් සමඟින් පැවැත්වීමට නියමිතව ඇති විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා බටලර් එක්වන බව ද සඳහන්ය.