පරාජයේදී' නිදහසට හේතු කියන්නේ නෑ - චරිත් අසලංක

පරාජය වූ තෙවැනි එක්දින තරගය පිළිබඳව අදහස් දැක්වූ චරිත්

International Cricket

89

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී'ලංකාව අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී'ලංකා කණ්ඩායම ජය ගත්තේය. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී'පැවැති අවසන් එක්දින තරගය පරාජයට පත් වුවත් ඒ වන විටත් මුල් තරග දෙක ජය ගෙන තිබූ'ශ්‍රී'ලංකා කණ්ඩායමේ තරගාවලි ජයග්‍රහණයට එම ප්‍රතිඵලය බලපෑවේ නැත. තරගාවලි ජයග්‍රහණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී'ශ්‍රී'ලංකා එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සිය ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් පළ කරමින් කියා සිටියේ දක්ෂ කණ්ඩායමක් කිසිදු අවස්ථාවක පරාජයේ දී නිදහසට හේතු දැක්වීමක් සිදු නොකරන බවයි.

‘බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරගාවලියක්  පළමුවරට ජය ගැනීම වගේම එක්දින තරගාවලිය ජය ගැනීමට ගැනීම ගැන කණ්ඩායමක් විදිහට ගොඩක් සතුටුයි. ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කර ගත යුතු අංශ කෙරේ අවධානය යොමු කරමින් ලංකාවේ වගේම විදෙස් සංචාරයන්හිද හොඳින් ක්‍රීඩා කළ හැකි අයුරින් කණ්ඩායම සකස් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.’
පරාජය වූ තෙවැනි එක්දින තරගය පිළිබඳව චරිත් මෙසේ අදහස් දැක්වූයේය.
‘තුන්වැනි තරගයේ තීරණයට කාලගුණය බලපෑවා. අපි පන්දුවාර 17ක් ක්‍රීඩා කළේ පන්දුවාර 50 තරගයක් ක්‍රීඩා කරන චිත්‍රය සිතේ තබාගෙනයි. ඒ වගේ සිදුවීම් වෙනවා. ක්‍රීඩාවේ කොටසක් විදිහට අපි ඒවා බාර ගත යුතුයි. ඒ වගේම වර්ෂාව නොතිබුණා නම් කාසියේ වාසියේ තීරණය වැදගත් සාධකයක් වෙන්නේ නෑ. කාලගුණය කියන්නේ අපට වෙනස් කළ නොහැකි දෙයක්. දක්ෂ කණ්ඩායමක් කවදාවත් පරාජයේදී'නිදහසට හේතු කියන්නේ නෑ. එම නිසා ඉදිරියේදී මෙවන් තත්ත්වයක් මත වුවද තරගයක් ජය ගන්නා ආකාරය සැලසුම් කිරීමට මෙය පූර් වා දර්ශයක් කර ගන්නවා.’
තෙවැනි තරගයේදී'දඟ පන්දු යවන්නන් අසාර්ථක වීම පිළිබඳව චරිත් මෙසේ අදහස් පළ කළේය.
‘වර්ෂාවත් එක්ක දඟ පන්දු යවන්නන්ගේ සේවය නිසි පරිදි ගන්න බැහැ. ලෝකේ වඩාත් කැප වී'සේවය කරන ක්‍රීඩාංගණ සේවක මණ්ඩලය ඉන්නේ අපේ රටේ වුණත් ක්‍රීඩාංගණය වියළීම ඒ පිරිසට කළ නොහැකි කාර්යයක්. ඒ නිසා පන්දුව තෙත් වීමත් සමඟ දඟ පන්දු යවන්නන් අසාර්ථක වීම සාමාන්‍ය දෙයක්. එය පළමු තරගයේදී කොදෙව්වන්ටද බලපෑවා. ඉතින් මේ තරගයේදී ඒ ගැටලු‍වට අපි මුහුණ දුන්නා.’
තරගාවලියේ පන්දු රැකීම පිළිබඳ චරිත් පළ කළේ මෙවන් අදහසකි.
‘පසුගිය තරගාවලිවලදී අපේ පන්දු රැකීම සියයට 80ට වැඩි අගයක තිබුණා. මෙම තරගාවලියේ එහි අගය පිළිබඳව මම දැනුම්වත් නෑ. ඒ පිළිබඳ දැනුම්වත් වීමෙන් අනතුරුව අඩුපාඩු සකස් කරගෙන ඉදිරි තරග ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා.’
නායකයා ලෙස සිය පෞද්ගලික පිතිකරණ දක්ෂතා ගැන චරිත් මෙසේ අදහස් පළ කළේය.
ක්‍රීඩකයෙක් විදිහට මං පිතිකරණය වෙනුවෙන් වෙහෙසී කටයුතු කරනවා. ඉන්දියන් තරගාවලියේ මං පිතිකරණයෙන් යම්කිසි පසුබෑමකට ලක් වුණා. නමුත් මං එන්.එස්.එල්. තරගාවලියේදී'පිතිකරණ දක්ෂතා දැක්වුවා. එය මෙම තරගාවලියේදී'පිතිකරණයෙන් සාර්ථක වෙන්නට විශාල පිටිවහලක් වුණා.’
ඔක්තෝබර් - දෙසැම්බර් සමයේ දඹුල්ල, පල්ලේකැලේ ප්‍රදේශයට වර්ෂාව අධික කාලයක් වන බැවින් ඉදිරි තරගාවලියන්හි පන්දු යවන්නන්ගේ සැලසුම් පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ'පැනයකට චරිත් මෙසේ පිළිතුරු දුන්නේය.
‘මට කාලගුණය පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් ඉදිරියේදී'වර්ෂාවේ බලපෑමක් සිදු වුණොත් වේග පන්දු යවන්නෙක් දෙදෙනක් යෙදවීමට කටයුතු කරනවා.’