ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එහි නවතම එක්දින සහ විස්සයි-20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් එලි දක්වයි.

තීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

International Cricket

44

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එහි නවතම එක්දින සහ විස්සයි-20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබිණි.

ඒ අනුව එහි එක්දින පන්දු යවන්නන් අතර පළමු 10 දෙනා අතරට ලඟා වීමට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට හැකිව තිබිණි. එනම් ශ්‍රේණිගත ලකුණු 650කට හිමිකම් කියමින් පියවර 6ක් ඉදිරියට පැමිණ ඇති තීක්ෂණ එක්දින පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයට පත්ව තිබිණි.
කෙසේ වෙතත් වනිඳු හසරංග 20 වැනි ස්ථානය දක්වා පියවර 2කින් ද, දිල්ෂාන් මධුසංක 49 වැනි ස්ථානය දක්වාත් දුනිත් වෙල්ලාලගේ 57 වැිනි ස්ථානය දක්වා පසුබැස තිබේ. එසේ වුවත් ජෙෆ්රි වැන්ඩර්සේ 72 වැනි ස්ථානයේ සිට පියවර 27ක් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.
එපමණක් නොව එක්දින පිතිකරුවන් අතර 26 වැනි ස්ථානයට කුසල් මෙන්ඩිස් පත්ව ඇත්තේ පියවර 9ක් ඉදිරියට පැමිණෙමිනි. අවිෂ්ත ප්‍රනාන්දු 62 වැනි ස්ථානයට පැමිණ තිබේ.
කෙසේ වෙතත් පැතුම් නිස්සංක 8 වැනි ස්ථානය දක්වා ද, චරිත් අසලංක 11 වැනි ස්ථානය දක්වා ද, සධීර සමරවික්‍රම 49 වැනි ස්ථානය දක්වා ද ජනිත් ලියනගේ 66 වැනි ස්ථානය දක්වා ද පසුබැස තිබීම කැපී පෙනේ.
එසේම විස්සයි-20 පිතිකරුවන් අතර ද 12 වැනි ස්ථානයට පත් වීමට කුසල් මෙන්ඩිස්ට හැකිව තිබේ. පැතුම් නිස්සංක 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබූ අතර චරිත් අසලංක ද 39 වැනි ස්ථානය දක්වා ද කුසල් ජනිත් පෙරේරා 41 වැනි ස්ථානය දක්වා ද පසුබැස තිබිණි.
එසේ වුවත් දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි-20 ශතක වාර්තා කළ ඉන්දියාවේ තිලක් වර්මා පියවර 69ක් ඉදිරියට පැමිණෙමින් විස්සයි-20 පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්ව තිබිණි