ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ටෙස්ට් ක්‍රීඩක ශේණිගත කිරීම් ඊයේ (25දා) යාවත්කාලීන කර තිබූ අතර එහිදී ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකිවී තිබේ.
ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණීමට ප්‍රභාත්ට හැකිවී තිබේ. එහිදී ප්‍රභාත් ජයසූරියට හිමිව ඇති ශ්‍රෙණිගත ලකුණු සංඛ්‍යාව 768කි.
එසේම අසිත ප්‍රනාන්දු ටෙස්ට් පන්දු යවන්නන් අතර 15 වැනි ස්ථානයත්, විශ්ව ප්‍රනාන්දු 28 වැනි ස්ථානය සහ ළහිරු කුමාර 33 වැනි ස්ථානයත් හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 904කට හිමිකම් කියමිනි. එම සටහනේ දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩාට හිමිව ඇති අතර තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ඕස්ටේ්රලියාවේ ජොස් හැසල්වුඩ්ටය.
මේ අතර ටෙස්ට් පිතිකරුවන්ගේ සටහනේ පියවර 2 බැගින් ඉදිරියට ලඟා වීමට දිනේෂ් චන්දිමාල්ට සහ ධනංජය ද සිල්වාට හැකිව තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිතිකරුවන් අතර 12 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ධනංජය ද සිල්වා එහි 13 වැනි ස්ථානයට පත්ව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිඳු මෙන්ඩිස් ටෙස්ට් පිතිකරුවන්ගේ සටහනේ තවදුරටත් 6 වැනි ස්ථානයේ පසුවෙයි.
එංගලන්තයේ ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ ගනිද්දී එංගලන්තයේම හැරී බෲක්ස් එහි දෙවැනි ස්ථානයට පත්වී ඇත. නවසීලන්තයේ කේන් විලියම්සන් තෙවැනි ස්ථානයේ හිමිකරගෙන ඇත.