ජයසූරියට හේරත්ගෙන් සහතිකයක්

ශ්‍රී'ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය කටයුතු කරද්දී නවසීලන්ත කණ්ඩායමේ තාවකාලික දඟ පන්දු යැවීමේ ලෙස රංගන හේරත් කටයුතු කරයි.

International Cricket

58

නවසීලන්තය සහ ශ්‍රී'ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි-20 තරගාවලිය අනිද්දා  (28දා) ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී'ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී'ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය කටයුතු කරද්දී නවසීලන්ත කණ්ඩායමේ තාවකාලික දඟ පන්දු යැවීමේ ලෙස රංගන හේරත් කටයුතු කරයි. ඒ අනුව සනත් ජයසූරියගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී'ලංකා කණ්ඩායම හොඳින් ඉදිරියට ගමන් කරන බව හේරත් විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ”‍ශ්‍රී'ලංකාව මේ වන විට හොඳින් ක්‍රීඩා කරනවා. එම තත්ත්වයෙන්ම ඔවුන් ඉදිරියට යනු ඇතැයි මම විශ්වාස කරනවා. සෑම තරගයක්ම ජය ගැනීමට සනත් ජයසූරිය කණ්ඩායමට අවශ්‍යම චරිතයක් වන අතර ඔහුට ක්‍රීඩකයින් ආමන්ත්‍රණය කිරීම පිළිබඳ මනා වැටහීමක් පවතිනවා”‍ යනුවෙනි.

එසේම ශ්‍රී'ලංකාවෙන් හැම කාලයකම විවිධාකරයේ විශිෂ්ට පන්දු යවන්නන් බිහි වෙනවා. අජන්ත මෙන්ඩිස් එවන් අභිරහස් පන්දු යවන්නෙක්. ලසිත් මාලිංගගේ අඩුව මතීෂ පතිරණ විසින් පිරිමසනවා. අනාගතයේදී'එවන් පන්දු යවන්නන් ශ්‍රී'ලංකාවෙන් බිහි වේවි යැයි මම විශ්වාස කරනවා යනුවෙන්ද හේරත් කියා සිටියේය.