සංචාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්තය අතර තරග 5කින් සමන්විත බෝඩර් - ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය අද (26දා) මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී'ආරම්භ විය. සම්ප්‍රදායික මෙල්බර් න් බොක්සින් දින තරගාවලිය ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිල පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. තරගයේ පළමු දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව පන්දුවාර 86කදී කඩුලු 6ක් දැවී ලකුණු 311ක් ලබා ගෙන සිටියේය.
මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ සෑම් කොන්ස්ටාස් ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණ ලකුණු 60ක් ලබා ගැනීම කැපී'පෙනුණි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ'සිව්වැනි ළාබාලතම ක්‍රීඩකයා වූ'සෑම් කොන්ස්ටාස් සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 52කට මුහුණ දෙමිනි. ඒ අනුව ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩකයෙක් සිය මංගල තරගයේදී'වාර් තා කළ තුන්වැනි වේගවත්ම අර් ධ ශතකයට හිමිකම් කීවේය. මීට පෙර 1996දී පාකිස්තානයට එරෙහිව සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් පන්දු 46කදීත් 2013දී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ඇෂ්ටන් ඒගාර් පන්දු 50කදීත් අර් ධ ශතක රැස් කළහ. බොක්සින් දින තරගයක අර් ධ ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා ලෙසද මෙහිදී කොන්ස්ටාස් වාර්තා අතරට එක් විය.
උස්මන් කවාජා ලකුණු 57ක්ද මානස් ලබුස්චේන්ජ් ලකුණු 72ක්ද ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 68ක්ද ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු ඉනිම සවිමත් කළහ. පන්දු යැවීමේදී'ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3ක් දවා ගත්තේය. තරගාවලිය නැරඹීමට අද (26දා) ප්‍රේක්ෂකයෝ 87000ක් පැමිණ සිටි බව වාර්තා වෙයි.
තරගය අතරතුරදී ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි, සැමී කොන්ස්ටාස්ගේ උරහිසට පහර දීමක් සිදු කළ අතර ඒ වෙනුවෙන් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් අය කර ගැනීමට තීරණය කර තිබේ. මෙම සිද්ධියෙන් පසුව උස්මාන් කවාජා සහ කෝලි අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය. අනතුරුව ඒ අතරට පිටියේ විනිසුරුවරයෙක් පැමිණ තත්ත්වය සමථයට පත් කළේය.
කෙසේ නමුත් සිද්ධිය පිළිබඳ කොන්ස්ටාන්ස් පළ කළේ මෙවන් අදහසකි.
”විරාට් කෝලි මගේ ඇඟේ හැපුණේ අහම්බෙන්. ඒක තමයි ක්‍රිකට්වල ස්වභාවය. එය ආතතිය නිසා සිදු වුණා වෙන්න පුළුවන්” යනුවෙන් කොන්ස්ටාස් කියා සිටියේය.
ලකුණු සාරාංශය
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම - මානස් ලබුස්චේන්ජ් 72, ස්ටීවන් ස්මිත් නොදැවී 68, සැමී කොන්ස්ටාස් 60, උස්මාන් කවාජා 57, ඇලෙක්ස් කේරී 31, ජස්ප්‍රිට් බුම්රා 75-3,