මලයාසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ තරග කාර්යමණ්ඩල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද (13දා) නිවේදනය කර තිබිණි.
ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරියක් වන දේදුණු ද සිල්වා මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ විනිෂ්චය සඳහා එක්වීමට නියමිතව තිබීම විශේෂත්වයකි. දේදුණු ද සිල්වා මින් පෙර 2023 වසරේදී පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලානයේදී ද විනිෂ්චකාරිණයක් ලෙසින් කටයුතු කළාය. ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර ඇති දේදුණු ද සිල්වා, එහිදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 42කට සහ විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරග 6කට එක්වී තිබේ. එහිදී ඇය එක්දින ජාත්‍යන්තර ලකුණු 884ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර ලකුණු 95ක් රැස්කර ගැනීමට සමත් වී තිබේ.
එසේම ශරීතා ජකීර් ද බංග්ලාදේශය නියෝජනය කරමින් මෙවර 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ විනිෂ්චය කටයුතු සඳහා එක්වීමට නියමිතව ඇත. ඒ අනුව ඇය ඉතිහාසයට එක්වන්නේ කාන්තා ලෝක කුසලාන තරගාවලියක විනිෂ්චය කටයුතු සඳහා එක්වන පළමු බංග්ලාදේශ විනිෂ්චයකාරිණිය ලෙසිනි.
ඊට අමතරව ඉන්දියාවේ නාරායන් ජනනි සහ ගයාත්‍රි වෙනුගෝපාලන් ද මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ විනිෂ්චය කටයුතු සඳහා එක්වන්නේ පළමු වරටයි.
මෙවර තරගාවලිය සඳහා රටවල් 14ක් නියෝජනය කරමින් තරග කාර්යමණ්ඩල සාමාජිකාවන් එක්වීමට නියමිතව ඇත. ඊට අයර්ලන්තය, ඕමානය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍යයේ විනිෂ්චකාරිණියන් ද ඇතුළත්ව තිබීම කැපී පෙනෙන සිදුවීමකි.