ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් කිරීම ගැන මැක්ස්වෙල් කළකිරීමෙන්

ලංකාව සමඟින් පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ඕස්ටේ්‍රලියානු සංචිතයට තමන් එක් කර නොගැනීම පිළිබඳ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්ස්වෙල් මෙලෙස පවසා ඇත.

International Cricket

42

ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට යළිත් වරක් ප්‍රවේශ වීමක් ලෙස ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වීම සම්බන්ධයෙන් තමන් දැඩි බලාපොරොත්තු තබා සිටි බව ඕස්ටේ්‍රලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් පවසා තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ ඕස්ටේ්‍රලියානු සංචිතයට තමන් එක් කර නොගැනීම පිළිබඳ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැක්ස්වෙල් මෙලෙස පවසා ඇත. එහිදී ඕස්ටේ්‍රලියානු මාධ්‍ය අමතමින් මැක්ස්වෙල් මෙලෙස අදහස් දක්වා තිබිණි. ‘කණ්ඩායම් තේරීමේ ස්වභාවය මෙයයි. නමුත් සෑම අවස්ථාවකම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයකුට අවශ්‍ය වන්නේ ටෙස්ට් කණ්ඩායමට එක්වීමයි. මා ගැන සැළකීමේදීත් එය රහසක් නොවෙයි. ශ්‍රී ලංකා තරගාවලියට එක්වෙමින් යළිත් ටෙස්ට් පිටියට පිවිසීමට මට බරපතල ලෙස අවශ්‍ය වුණා. කෙසේ වෙතත් මා තෝරා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කළ කරුණු වලට මම පූර්ණ වශයෙන් එකඟ වෙනවා. නමුත් කරුණ වන්නේ ඕස්ටේ්‍රලියාව මේ වන විටත් ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා අවසන්. එසේ තිබියදීයි ඔවුන් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 2කින් යුත් තරගාවලියකට එක් වන්නේ. එසේම ඉදිරියේදී ආසියානු කළාපයේ තරගාවලි කිහිපයකට ඕස්ටේ්‍රලියාව එක්වීමට නියමිතයි. ඒ අනුව ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් කිහිපදෙනෙක් විවේක ගන්වමින් වෙනත් අයෙකුට අවස්ථාව ලබා දීමට ඉඩ තිබුණා.’
ග්ලේන් මැක්ස්වෙල් ඕස්ටේ්‍රලියානු ටෙස්ට් කණ්ඩායම අවසන් වරට නියෝජනය කර තිබුණේ 2017 වසරේදීය. මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන මැක්ස්වෙල්, ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 145ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 116ක් ක්‍රීඩා කර ඇත. එහිදී එක් ටෙස්ට් ශතකයක්, එක්දින ශතක 4ක් සහ විස්සයි-20 ශතක 5ක් රැස්කර ගැනීමට මැක්ස්වෙල්ට හැකිවී ඇත.
කෙසේ වෙතත් පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කළ ඕස්ටේ්‍රලියානු සංචිතයට මැක්ස්වෙල් එක් කිරීමට එරට ක්‍රිකට් පරිපාලනය තීරණය කර තිබේ.