පාකිස්තාන් ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කරනු ලබන පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය සඳහා ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා සහ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කුසල් මෙන්ඩිස් තෝරා ගෙන ඇත.
පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම පෙරේදා (13දා) ලාහෝර්හිදී පැවැත්වුණු ලැබුවේය. එහිදී ක්‍රීඩකයන් තෝරා ගන්නා ක්‍රීඩක කෙටුම්පත කාණ්ඩ 6ක් යටතේ සිදු කර අතර ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම විසින් කුසල් ජනිත් පෙරේරා සහ ක්වෙටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් තෝරා ගන්නා ලදී.
මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත සඳහා දසුන් ශානක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ පැතුම් නිශ්ශංක වැනි විස්සයි-20 පිටියේ දක්ෂතා දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලියාපදිංචි වී සිටියත් කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් හැර වෙනත් කිසිම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් විසින් මිලදී නොගත්තේය.
පාකිස්තාන් සුපර් ලීග් තරගාවලිය කණ්ඩායම් 06 ක සහභාගිත්වයෙන් අප්‍රේල් 08 සිට මැයි 19 දක්වා පැවැත්වීමට නියමිතය.