උතුරු පළාත් විවෘත බැඩ්මින්ටන් තරගාවලිය 18දා සිට

උතුරු පළාත් විවෘත සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය 2025

Other Sports

52

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ මෙහෙයැවීම යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘උතුරු පළාත් විවෘත සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලිය’ 18දා ආරම්භ කිරීමට සැළසු ම්කර තිබේ.

වව්නියාව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී අනිද්දා ආරම්භ වන මෙම තරගාවලිය, එළැඹෙන 21 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබේ. උතුරු පළාත තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමත් උතුරු පළාත් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සහ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම මෙම තරගාවලිය සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ වී ඇත.
එසේම මෙවර තරගාවලියේ පිරිමි කේවල තරග ඉසව්ව සඳහා තේනුක ද සිල්වා, ආශිංශ හේරත්, තිලිණ රාජකරුණා, සවින්ක වීරසේකර සහ මලිත සූරියආරච්චි වැනි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැඩ්මින්ටන් තරු 41ක් එක්වීමට නියමිතව ඇත. ඊට අමතරව කාන්තා කේවල ඉසව්ව වෙනුවෙන් සිතුළි රණසිංහ, පංචාලි අධිකාරී, වරංගනා ජයවර්ධන, සේනාධි දහම්සා වැනි ප්‍රමුඛතම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවන් 14 දෙනෙකු එක්වීමට නියමිතව ඇත.
තවද පිරිමි යුගළ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතමයන් වන බුවනෙක ගුණතිලක සහ ජේසන් හෝමර් ද, සෙනුක් සමරරත්න සහ සවින්ක වීරසේකරත් මෙම තරගාවලියේ දී එම ඉසව්ව නියෝජනය කිරීමට නියමිතව ඇත. එසේම මෙවර පිරිමි යුගළ ඉසව්ව සඳහා ක්‍රීඩකයින් යුගළ 21ක් තරග බිමට පිවිසීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි. එසේම කාන්තා යුගළ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් වන ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වාත්, හසිනි අම්බලන්ගොඩ සහ හසාරා විජේරත්නත් මෙහිදී තරග වැදීමට නියමිත අතර ක්‍රීඩිකා යුගළ ඉසව්වට කාන්තා යුගළ 12ක් එක්වීමට නියමිතව තිබීම ද කැපී පෙනෙන සිදුවීමකි.
මෙහි සමාරම්භක උළෙල හෙට 18 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරග 21 වැනිදා පස්වරුවේ පැවැත්වේ.