මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට ලංකාවෙන් 12ක්

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය එළැඹෙන 22 වැනිදා සිට

Volleyball

9

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය එළැඹෙන 22 වැනිදා මීගමුව වෙරළ තීරයේ දී ආරම්භ වීමට නියමිතව ඇති අතර ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම් ඊයේ (16දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි. 

ඒ අනුව මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි සහ කාන්තා යුගළ කණ්ඩායම් 3 බැගින් එක්වනු ඇත. එහිදී ශ්‍රී ලංකා අංක 1 කණ්ඩායමට දිලීප චාමික සහ මලිත් සිල්වා ඇතුළත්ව ඇති අතර අංක 2 කණ්ඩායම සඳහා සඳුන් මධුසංක සහ අංජන සන්දීපන ඇතුළත්ය. නලීන් පෙරේරා සහ මධූෂ වික්‍රමසිංහ ශ්‍රී ලංකා අංක 3 කණ්ඩායම නියෝජනය කරයි. 

එසේම කසුනි තාරුකා සහ දීපිකා බණ්ඩාර ශ්‍රී ලංකා කාන්තා 1 කණ්ඩායමත් චතුරිකා මධුෂානි සහ ශෙහානි අසංගා කාන්තා 2 කණ්ඩායමත් නියෝජනය කරන අතර වාසනා මධුමාලි සහ කසුනි කේෂලා ශ්‍රී ලංකා කාන්තා 3 කණ්ඩායම නියෝජනය කරයි. 

මෙහිදී ටිරෝන් ජයතිලක පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන අතර තක්ෂිලා නිරංජලී කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය ලෙසින් කටයුතු කරනු ඇත. 

මෙම තරගාවලිය ජනවාරි මස 22 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වේ. ඊට මාලදිවයින, නේපාලය, කිරිගිස්තානය, භූතානය, උස්බෙකිස්තානය, කසකස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව එක්වීමට නියමිතව තිබේ.