කෘතිම බුද්ධි දැන්වීමට මහේලගෙන් දෝස්මුරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක

International Cricket

1000

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ වර්තමාන මුම්බායි ඉන්දියන්ස් පුහුණු උපදේශක මහේල ජයවර්ධන තම නම සහ ඡායාරූපය අනිසි ලෙස භාවිත කරමින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කර තිබේ. 

සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත විශේෂ සටහනක් යොදමින් මහේල සඳහන් කර තිබුණේ, ඕනෑම නිල නිවේදනයක් සන්නාම හවුල්කාරිත්වයක් ඔහුගේ නිල පිටු හරහා පමණක් ප්‍රකාශයට පත් කරන බවයි. එසේම අදාළ නිවේදනය මගින් මහේල තවදුරටත් මෙසේ ද පවසා තිබිණි, “මේ ව්‍යාජ දැන්වීම්වලට අවධානය යොමු කරන්න එපා!”.