ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූලි මාසයේ ඕස්ටේ්‍රලියාවේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
එහිදී ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඕසටේ්‍රලියානු ‘ඒ’ කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරග 3ක් සහ සිවු දින ක්‍රිකට් තරග 2ක් පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්ය. එහි සියලු තරග ඩර්වින්හිදී පැවැත්වීමට නියමිත බව ද දැක්වේ.
ඒ අනුව එක්දින තරගාවලියේ පළමු තරගය එළැඹෙන ජූලි මස 4 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දෙවැනි තරගය ජූලි මස 6 වැනිදා දිවා තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත. තුන්වැනි සහ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි මස 9 වැනිදාය.
මෙහි සිවු දින තරගාවලියේ පළමු තරගය ජූලි මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වාත් දෙවැනි තරගය ජූලි මස 20 වැනිදා සිය 23 වැනිදා දක්වාත් පැවැත්වීමට සැළසුම් කර තිබේ.