සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද කොළඹ එස්.එස්.සී. හිදී ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේදී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ටෙස්ට් වරම් දිනා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් 170 වැනි ක්‍රීඩකයා ලෙසයි සොනාල් අද වාර්තා අතරට එක්විය.
කොළඹ ද ලාසාල් විදයාලයෙන් සහ පසුව කොළඹ මහනාම විදයාලයෙන් පාසල් ක්‍රිකට් පිටිය වර්ණවත් කළ මේ යොවුන් ක්‍රීඩකයා අවුරුදු 19න් පහළ සහ ශ්‍රි ලංකා A කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ශතා දැක්වීය.