ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ නව කමිටුව පත්කරයි

43 වන වාර්ෂික මහා සභා රැස්වීම – 2025 ජූනි 23

Other Sports

1000


ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ 43 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (23දා) කොළඹදී පැවැත්විණි. එහිදී ස්කොෂ් සම්මේලනයේ නව විධායක කමිටුව පත් කර ගැනීම සිදු විය. ඒ අනුව එහි සභාපති ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා තෝරා පත් කර ගැනුණි. මෙහි ලේකම් ලෙස හිටපු ජාතික ස්කොෂ් ක්‍රීඩකයෙක් මෙන්ම සම්මේලනයේ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ එරංග අල්විස් මහතා තේරී පත් විය. උපසභාපතිවරු ලෙස බ්‍රිගේඩියර් කමින්ද සිල්වා, කොමදෝරු මනෝජ් ලීලාරත්න සහ ජූජිත උඩලමත්ත තෝරා ගත්හ.
සහකාර ලේකම් ලෙස වින්ග් කමාන්ඩර් සංජීව නානායක්කාර ද භාණ්ඩාගාරික ලෙස නිල්රුක්ද සොයිසාද තෝරා ගැනුණි. කුෂාණි දලුවත්ත, ලුතිනන් කමාන්ඩර් පී.කේ. කුමාරගේ, බ්‍රිගේඩියර් මංගල බාලසූරිය, මේජර් එරන්ද ලියනගමගේ, බලගණ නායක ළහිරු අබේරත්න, කොමදෝරු ප්‍රභාත් දයාරත්න, මොහොමඩ් සිරාස් සහ ඉසුරු ගාල්ලගේ විධායක සභිකයෝ ලෙස තේරී පත් වූහ.