2025 - ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාපැදි රැලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව, පසුගියදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
වත්මන් රජය ක්‍රියාත්මක කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හා එක්ව ක්‍රීඩා සතියට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් මෙම පාපැදි රැලිය ක්‍රියාත්මක කෙරේ. වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇති මෙමබ පාපැදි රැලිය ජූලි මස 26 වනදා කොළඹ, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භ වීමට නියමිතය.
ලෝකයේ රටවල් 200ක පමණ ව්‍යාප්තව ඇති මෙම පාපැදි ධාවනය කෙරෙහි ලාංකීය ජනතාව තුළ උනන්දුව ඇති කිරීම හා මෙරට තුළ ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි රැලිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’් වැඩසටහන සමඟ එක්ව සංවිධානය කෙරෙයි.
වයස අවුරුදු 8න් ඉහළ දෙස් විදෙස් මනා සෞඛ්‍යයකින් හෙබි ඕනෑම අයෙකුට මෙම තරගාවලියට සහභාගී විය හැකිය. කිලෝමීටර් 100ක උපරිම දුරක් යටතේ ක්‍රියාත්මක මෙහි කිලෝමීටර් 50, 25, 10, 5 ආදී දුර ධාවනය සඳහා ධාවකයන්ට එක් විය හැකිය. මේ සඳහා එළැඹෙන ජුලි 15 වැනිදාය පෙර අයැදුම් කළ යුතු අතර ලියාපංදිංචී වී නියමිත දුර ධාවනය කර අවසන් කරන ධාවකයින්ට සහතික පත්‍රයක් පිරිනැමෙනු ඇත. වැඩි විස්තර, 0701247202 යන දුරකථන අංකයෙන් දැන ගත හැකිය.