දකුණු ආසියානු කරාතේ තරගාවලිය

ජූලි 2 සිට කොළඹදී

Other Sports

1000

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය ආසියානු සහ දකුණු ආසියානු කරාතේ දෝ සම්මේලනයන්හි දායකත්වය යටතේ සංවිධානය කරනු ලබන දකුණු ආසියානු කරාතේ දෝ තරගාවලිය එළැඹෙන ජූලි මස 2 වැනිදා සිට කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එසේම ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු විනිසුරු සහ පුහුණුකරු පරීක්ෂණ පැවැත්වීමට ද සැළසුම් කර තිබීම විශේෂත්වයකි. 

ඒ අනුව එළැඹෙන ජූලි මස 2 වැනිදා කොළඹදී දකුණු ආසියානු කරාාතේ දෝ තරගාවලියට එක්වන කී5ඩක ක්‍රීඩිකාවන් සහ ආසියානු විනිසරු සහ පුහුණුකරු පරීක්ෂණයට එක්වන විනිසුරුවන් සහ පුහුණුකරුවන් ලියාපදිංචි කටයුතු සිදු කරනු ඇත. ඉන් අනතුරුව ජූලි මස 3 වැනිදා සහ 4 වැනිදා කොළඹ රමාඩා හෝටලයේදී ආසියානු විනිසුරු සහ පුහුණුකරු පරීක්ෂණය පැවැත්වේ. එසේම දකුණු ආසියානු කරාතේ දෝ තරගාවලිය ජූලි මස 5 සහ 6 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය. 

කෙසේ වෙතත් මෙම දකුණු ආසියානු කරාතේ දෝ තරගාවලිය සඳහා දකුණු ආසියානු කළාපය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට ආසන්න සංඛ්‍යාවක් එක්වීමට නියමිතය. ඊට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 190කි. 

මෙහිදී වයස අවුරුදු 10න්, 12න්, 14න්, 15න්, 17න් සහ 21න් පහළ වයස් කාණ්ඩ යටතේ ද ජ්‍යෙෂ්ට අංශයෙන් ද තරග පැවැත්වීමට නියමිතව ඇත. එසේම මෙහිදී කාථා සහ කුමිතේ ඉසව් කේවල සහ යුගළ කාණ්ඩයන්ගෙන් පැවැත්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයකි.