ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හෙට දෙවැනි එක්දින තරගයට

ඉන්දිය කොදෙව් නැගී එන කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ

International Cricket

1000

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් නැගී එන කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය හෙට (24දා) කුලීජ් හිදී පැවැත්වීමට නියමිතය.

පළමු තරගය (21දා) ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කරයි.

කෝලය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 46.2කදී සියලුදෙනා දැවී ලකුණු 237ක් ලබා ගත්තහ.

  • අකීම් ඔගස්ට් – 66

  • කාර්ලන් බොවන් – 55

  • රිවාල්ඩෝ ක්ලාක් – 51

ශ්‍රී ලංකාවෙන් ට්‍රැවින් මැතිව් සහ ගරුක සංකේත් කඩුලු 3 බැගින් ලබා ගත්තහ.

පසුව පිළිතුරු ඉනිමෙන් අහන් වික්‍රමසිංහ 103 ක්ද නිපුන් ධනංජය 88 ක්ද ලබා දී ශ්‍රී ලංකාව පන්දුවාර 39.4කදී කඩුලු 5කින් ජයගත්තේය. නේතන් එඩ්වඩ්ස් කොදෙව්වන් වෙනුවෙන් කඩුලු 2ක් ලබා ගත්තහ.

මෙහි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා වන්නේ ධනංජය ලක්ෂාන්ය. තවද තරගාවලියේ ශ්‍රී ලංකාව දැවැන්තව 1-0කින් ඉදිරියෙන් පසුවෙයි.