ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි

2023 ආසියානු කුසලාන තරගාවලිය

International Cricket

60

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (29දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබිණි.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකටද උපනායකත්වය කුසල් මෙන්ඩිස්ටද හිමිව තිබේ. කෙසේ වෙතත් වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, සහ ළහිරු කුමාර ආසියානු කුසලාන මූලික සංචිතයට එක් කළ තිබුණ ද ආබාධ හේතුවෙන් ඔවුන් සියලුදෙනාටම තරගාවලියට එක්විය නොහැකි බව රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයේ දක්වා තිබිණි.

ඔවුන් වෙනුවට බිනුර ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් කැඳවා තිබුණ ද එය අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමු කර ඇති බවද දැක්වේ. 

මීට අමතරව කුසල් ජනිත් පෙරේරා "උණ" රෝගයෙන් සුවය ලබමින් සිටින අතර ඔහු සුව වීමෙන් අනතුරුව කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1) දසුන් ශානක - නායක 

2) පැතුම් නිශ්ශනක

3) දිමුත් කරුණාරත්න

4) කුසල් ජනිත් පෙරේරා

5) කුසල් මෙන්ඩිස් - උප නායක

6) චරිත් අසලංක

7) ධනංජය ද සිල්වා

8) සධීර සමරවික්‍රම

9) මහේෂ් තීක්ෂණ

10) දුනිත් වෙල්ලාලගේ

11) මතීෂ පතිරණ

12) කසුන් රාජිත

13) දුෂාන් හේමන්ත

14) බිනුර ප්‍රනාන්දු

15) ප්‍රමෝද් මධුෂාන්