පොන්ටිංට පන්ජාබයේ ඉහළම තනතුරක්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පොන්ටින්ට

International Cricket

51

ඔස්ටේ්‍රලියාව හිටපු ක්‍රිකට් නායක රීකි පොන්ටින් ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ වන විට 49 හැවිරිදි රීකි පොන්ටින් ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර 2003 සහ 2007 ලෝක කුසලානවල කිසිදු තරගයක් පරාජය නොවී පිට පිටම ලෝක කුසලාන ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. පොන්ටිං, 1995 වසරේ සිට 2012 වසර දක්වා ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කණ්ඩායමේ  ක්‍රීඩා කළේය.
එසේම පොන්ටිං, අයි.පී.එල්. තරගාවලියේ කල්කටා නයිඩ් රයිඩර් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් සඳහා ක්‍රීඩා කර ඇත. 2014 සිට 2016 දක්වා මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇති මොහු අවසන් වරට 2018 සිට වසර 07ක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකරු ධුරය දැරූවේය.
රීකි පොන්ටින්ගේ පුහුණුකාරීත්වය යටතේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම 2019 සහ 2021 වර්ෂවල අවසන් පූර්ව වටවලට පැමිණි අතර 2020 දී අවසන් මහා තරගයට පැමිණියේය.
අවසන් වසර කීපය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගාමීත්වයක් පෙන්නුම් කර නිසා පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්විය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සමග ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු  2025 වර්ෂයේ සිට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.