දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය මඟින් වසර 20ක ක්‍රිකට් තහනමක් පනවයි.

International Cricket

63

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීරට ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය මඟින් වසර 20ක ක්‍රිකට් තහනමක් පනවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව කාන්තා ක්‍රීඩිකාවකට එරෙහිව බරපතල අපයෝජන චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් මෙම ක්‍රිකට් තහනම පනවා තිබේ. එම කාලය තුළදී දුලිප් සමරවීරට ඔස්ටේ්‍රයා ක්‍රිකට් ආයතනය තුළ කිසිඳු ආකාරයේ තනතුරක් දැරීමට අවස්ථාව නොලැබෙනු ඇත. වික්ටෝරියා ක්‍රිකට් ආයතනයේ සේවය කරන කාලය අතරතුරදී සමරවීර නුසුදුසු හැසිරීමක් පෙන්නුම් කරමින් ක්‍රිකට් වික්ටෝරියා  ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ චර්යා ධර්ම සංග්‍රාහය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තහනම පනවා තිබේ. 
52 හැවිරිදි වියේ පසුවන දුලිප් සමරවීර 1993 වසරේ සිට 1995 වසර දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේය. එම කාලසීමාව තුළ ඔහු, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් එක්දින තරග 5ක් ක්‍රීඩා කර තිබේ.
මෙලෙස චෝදනාව දුලිප්ට එල්ලවන කාලය තුළදි ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද කටයුතු කරමින් සිටියේය.