සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙල 2024

2024 සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග එළැඹෙන ඔක්තෝබර් මස 18 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

School Athletics

82

2024 සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා තරග එළැඹෙන ඔක්තෝබර් මස 18 වැනිදා සිට ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. 

ඒ අනුව අදාළ තරගාවලියේ ජවන හා පිටිය ඉසව් සහිත මළල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 18.19.20.21 සහ 22 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වීමට සැළසුම් කර ඇත. සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අංශය මගින් සංවිධානය කරනු ලබයි. 

මෙහිදී අවුරුදු 20 න් පහළ, අවුරුදු 18 න් පහළ, අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 14 න් පහළ යන වයස් සීමාවන් යටතේ බාලක සහ බාලිකා යන දෙඅංශයෙන්ම තරග පැවැත්වීමට නියමිතව ඇත. 

මෙවර ක්‍රීඩා උළෙලට අයත් කණ්ඩායම් ක්‍රීඩා සහ බර පංති ක්‍රීඩා අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. එහි පළමු අදියර යටතේ ක්‍රීඩා 13 ක් ද දෙවන අදියර යටතේ ක්‍රීඩා 10 ක් ද තෙවන අදියර යටතේ ක්‍රීඩා 08 ක් ද පැවැත්වේ. 

ඒ අනුව ක්‍රියාත්මක පළමු අදියර තරග සැප්තැම්බර් 15 දින ද දෙවන අදියර තරග ඔක්තෝබර් 06 දින ද තෙවන අදියර තරග ඔක්තෝබර් 11 දින ද ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම නියෝජනය කරනු ලබන පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ අවස්ථාවක් ලෙස මෙම සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා තරගාවලිය සැළකේ. 

මලල ක්‍රීඩාවට අමතරව තවත් ක්‍රීඩා 31 කින් ”සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” සමන්විත වන අතර ඒ සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ එකතුව 35.000 කට ආසන්නය. ඊට ජාතික තළයේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලින්හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එක්වීමට නියමිතව තිබීමද විශේෂත්වයකි.