දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය2024

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කණ්ඩායම හෙට ඉන්දියාවට

International Athletics

132

ඉන්දියාවේදී පැවැත්වෙන 9 වැනි දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට එක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද මව්බිමෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

අදාළ තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනෙකු ඇතුළත්ය. මෙවර දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැත්වෙනු ඇත. මෑත කාලයේදී නවීකරණය කළ චේන්නායිහි ජවහල්ලාර්  නේරු ජාත්‍යන්තර මළල ක්‍රීඩාංගණයේදී මෙම තරගාවලිය පැවැත්වේ.
අදාළ තරගාවලිය එළැඹෙන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.