ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට

2023 ආසියානු ක්‍රීඩා උලෙළ

Womens Cricket

307

ආසියානු ක්‍රීඩා උලෙළහි කාන්තා අංශයේ  ක්‍රිකට් අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය. 

ඒ අනුව මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම පරදා කඩුලු 06කින් තරගය ජය ගැනීමත් සමගින් ඉන්දීය කණ්ඩායමට එරෙහිව රන් පදක්කමට තරග වැදීමට ශ්‍රී ලංකා කාන්තා පිල අවස්ථාව හිමිකර ගත්තේය.

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සමාගාමී ව කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලිය පැවැත්වෙන්නේ ද චීනයේ හැන්ග්ෂු ක්‍රීඩාංගණයේ දියි.

අද පැවැත්වුණේ මෙම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේ තරගය වන අතර එහිදී  කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන්පි ලකුණු රැස්තිකිරීමේ අවස්කථාව  පකිස්තාන කණ්ඩායමට ලබා දීමට කටයුතු කළහ. 

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී පකිස්තාන ක්‍රීඩිකාවන්ට කඩුලු 09ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75ක් පමණි. 

ශවාල් සුල්ෆිකාර් පමණක් ලකුණු 16ක් ලබාගත් අතර, සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනකුට හැරෙන්නට අන් කිසිවෙකුටත් ලකුණු 10 සීමාව පසුකර යන්නට ශ්‍රී ලංකා කාන්තා පන්දු යවන්නියන් ඉඩ ලබා නොදීම කැපී පෙනිණි.  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන්දේ පන්ශිදු යැවීමේදී උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 03ක් ද, කවීෂා දිල්හාරි කඩුලු 02ක් ද, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අචිනි කුලසූරිය එක් කඩුල්ල බැගින් ද බිඳ දැමීය. 

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළා. නිලක්ෂි ද සිල්වා ජයග්‍රහණය සඳහා සිය කණ්ඩායම රැගෙන ගියේ නොදැවී ලකුණු 18ක් ලබා ගනිමින්. නායිකා චමරි අතපත්තු ලකුණු 14ක් සහ අනුෂ්කා සංජීවනි ලකුණු 15කට දැවී ගියාය. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 77ක පහසු ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට වැය වූයේ පන්දුවාර 16.3ක් පමණි.