අසේල ගුණරත්නගේ පිතිහරඹයෙන් මනිපාල් ටයිගර්ස් පිලට ශූරතාවය හිමිවෙයි

ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය

International Cricket

90

අසේල ගුණරත්නගේ සුපිරි පිතිකරණය හේතුවෙන් ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මනිපාල් ටයිගර්ස් කණ්ඩායමට පසුගියදා  හැකි විය. 

ඉන්දියාවේ සුරත්හිදී පැවති අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් අර්බර්න්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම රැස් කළ ලකුණු 187ක ඉලක්කය හඹා ගිය මනිපාල් ක්‍රීඩකයෝ පන්දුවාර 19කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 05ක් දැවී තිබියදීය. 

මනිපාල් කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න නොදැවී ලකුණු 51ක් රැස් කළේ පන්දු 29කදී දැවැන්ත හයේ පහර 05ක් සමගිනි. 

ඇන්ජලෝ පෙරේරා පන්දු 23කින් ලකුණු 30ක් සහ තිසර පෙරේරා පන්දු 13කින් ලකුණු 25ක් රැස්කර ගැනීම ද කැපී පෙනිණි. පන්දු යැවීමේදී ස්ටුවර්ට් බිනී කඩුලු 03ක් දවා ගත්තේය. 

මෙහිදී පළමුව ලකුණු රැස්කළ අර්බර්න්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් රිකී ක්ලාක් නොදැවී ලකුණු 80ක් සහ ගුර්කීරත් සිං මාන් ලකුණු 64ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී පන්කජ් සිං කඩුලු 02ක්, තිසර පෙරේරා කඩුල්ලක් දවා ගත්තා.

එසේම තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා හිටපු නායක තිසර පෙරේරාට වීම ද විශේෂත්වයකි.