2023 වසරේ හොඳම ඉනිම චමරිගෙන්

2023 වර්ෂයට අදාළව කාන්තා එක්දින ක්‍රිකට් ඉනිම

International Cricket

439

පසුගිය 2023 වසර කාන්තා  ක්‍රිකට් කණ්ඩායමට නම් ඉතා සුබ වසරක් වුනේ කාන්තා ක්‍රිකට් එක්දින ඉනිම තුල චමරි අතපත්තු විසින් නවසීලන්තයට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 140 ලෝ ප්‍රකට ESPN Cricinfo වෙබ් අඩවිය විසින් ප්‍රශංසාවට  ගෙන ඇති තීරණය නිසා වෙනි.

ESPN Cricinfo විසින් ගෙවී ගිය  වසර තුළ  කාන්තා සහ පිරිමි සියලු ක්‍රිකට් තරග රටා ආවරණය වන ලෙසින්  විශිෂ්ටතම ක්‍රීඩක දක්ෂතා සඳහා සම්මාන ලබා දීම සිදු කරන ලද අතර, එහි නිල ප්‍රතිඵල ලේඛනය අද (20) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලදි. 

ඒ අනුව 2023 වර්ෂයට අදාළව කාන්තා එක්දින ක්‍රිකට් ඉනිම ලෙස නවසීලන්තය සමගින් පැවති තරගයේදී ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි විසින් එක් රැස් කල ලකුණු 140 තේරී පත්ව තිබේ.

නවසීලන්ත කණ්ඩායමට  එරෙහිව ශ්‍රී ලංකා  ඉතිහාසයේ පළමු වරට එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට තම උපරිම සහය  චමරිගේ  ඉනිමේදී  විදහා දැක්වූ අතර ඉනිම හයේ පහර 9ක් සහ හතරේ පහර 13ක් සමගින් වර්ණවත් විය. ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 175ක් වැනි ඉතා ඉහළ අගයක් වීමද මෙහිදී කැපී පෙනුනි. 

 ESPN විසින් පිරිනමන ලද අනෙක් සම්මාන පිළිබඳ විස්තර මෙසේ සටහන් විය.

පිරිමි ජයග්‍රහණයන්

1. වසරේ ටෙස්ට් ඉනිම: Travis Head ඉන්දියාවට එරෙහිව ලබා ගත් ලකුණු 163 (ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ දී) 

2. වසරේ ටෙස්ට් පන්දු යැවීම: Nathan Lyon 8/64 (ඉන්දියාවට එරෙහිව)

3. වසරේ එක්දින ඉනිම: Glenn Maxwell  (ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබා ගත් ලකුණු 201 2023 ලෝක කුසලානයේ දී) 

4. එක්දින පන්දු යැවීම: Mohommed Shammi 7/57(නවසීලන්තයට එරෙහිව 2023 ලෝක කුසලානයේ දී) 

5. විස්සයි විස්ස ඉනිම: Suryakumar Yadav  ලකුණු 112 (ශ්‍රී ලංකාවට එරෙහිව)

6. විස්සයි විස්ස පන්දු යැවීම: Alzarri Joshep 8/40 (දකුණු අප්‍රිකාවට එරෙහිව )

7. විස්සයි විස්ස ලීග් ඉනිම: Nicholas Pooran විසින් Seattle Orcas කණ්ඩායමට එරෙහිව ලබා ගත් 137 (MLC විස්සයි විස්ස තරගාවලි අවසන් තරගයේ දී) 

8. විස්සයි විස්ස ලීග් පන්දු යැවීම: Yuzvendra Chahal 4/29 ( Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව 2023 IPL තරගාවලියේ දී) 

කාන්තා ජයග්‍රහණයන්

1. එක්දින පන්දු යැවීම:  Marufa Akter 4/29 (ඉන්දියාවට එරෙහිව)

2. විස්සයි විස්ස ඉනිම: Hayley Matthews( ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගත් ලකුණු 132)

3. විස්සයි විස්ස පන්දු යැවීම:Ayabogna Khaka 4/29 (එංගලන්තයට එරෙහිව 2023විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දී) 

4. විස්සයි විස්ස ලීග් ඉනිම: Grace Harris  (Pearth Scorchers කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 136 WBBL 2023/24) 

5. විස්සයි විස්ස ලීග් පන්දු යැවීම: Amanda – Jade Wellington 3/16 ( Brisbane කණ්ඩායමට එරෙහිව (WBBL 2023/24) 

6. වසරේ ඉනිම: නෙදර්ලන්තයේ Bas de Leede විසින් ස්කොට්ලන්තයට එරෙහිව ලබා ගත් ලකුණු 123 (2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී) 

7. වසරේ පන්දු යැවීම: Brandon McMullen 5/34 අයර්ලන්තයට එරෙහිව (2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී) 

8. වසරේ නවක ක්‍රීඩකයා: Gerald Coetzee (දකුණු අප්‍රිකාව)

9. වසරේ නායකයා: Pat Cummins