පැතුම් සහ වනිදු නව ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එක්දින, ටෙස්ට් සහ විස්සයි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්

International Cricket

103

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් එක්දින, ටෙස්ට් සහ විස්සයි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබූ අතර එහිදී ශ්‍රෙණිගත සටහනේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකික ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම සමත් ව ඇත.
එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 7ක් ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංකට හැකියාව ලැබී ඇත. එහිදී ශ්‍රේණිගත ලකුණු 696ක් සමඟින් පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්ව තිබේ. එසේම සධීර සමරවික්‍රම ද එක්දින පිතිකරුවන් අතර ස්ථාන 2ක් ඉදිරියට ලඟා වෙමින් 39 වැනි ස්ථානයට පත්වී තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකා විස්සයි - 20 නායක වනිදු හසරංග නැවත වරක් විස්සයි-20 පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්වී තිබීමත් කැපී පෙනෙන සිදුවීමකි. එහි වනිදුට හිමිවී ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 705කි. එසේම වනිදු, විස්සයි - 20 පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන 7ක් ඉදිරියට පැමිණ එහි දෙවැනි ස්ථානයට පත්වී තිබීමද කැපී පෙනෙන විශේෂ්ත්වයක් බවට පත්ව තිබේ .
කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ විස්සයි 20 පන්දු යවන්නන්ගේ සටහනේ තෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත.
එසේම දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත්තේ 8 වැනි ස්ථානයට පත් වෙමිනි. එසේම ප්‍රබාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර එක් ස්ථානයක් පසුබැස 8 වැනි ස්ථානයට පත්වී තිබේ.