ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිදු හසරංගට තරග තහනමක්

ඇෆ්ගනිස්තානය සමග පැවැති අවසන් T20 තරගය අවසනයේ සිදු වූ ප්‍රවේගකාරී හැසිරීම හේතුවෙන් වනිදුට තරග තහනමක් පනවයි.

International Cricket

64
ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් පසුව තරග තීරණයකට තම විරෝධය පල කිරීමේ සිද්ධිය හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව සදහන් වේ.
ඒ හේතුවෙන් වනිදුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3 ක් පනවා ඇති අතර මීට පෙර අවස්ථාවක ද විනය වාර්තාවට දඬුවම් ලකුණු 2 ඇතුළත්ව තිබුණි.
ඒ අනුව විනය වාර්තාවේ මාස 24 ක කාලයක් තුළ දඩුවම් ලකුණු ප්‍රමාණය මේ වන විට 5 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් එම දඬුවම් ලකුණු ප්‍රමාණය අත්හිටුවීමේ ලකුණු දෙකක්  ලෙස තරග තහනමක් බවට  පරිවර්ථනය වී තිබෙනවා.  එය එක් ටෙස්ට් තරගයක තහනමකට හෝ එක්දිනර T20 තරග දෙකක තහනමකට සමාන වන බවට වර්තා වේ.
එම නිසා  මීළඟට ශ්‍රී ලංකාව මුහුණ දීමට සිටින බංග්ලාදේශ තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදුගෙන් ගිලිහී යයි .
තවද මෙම තරග තහනමට අමතරව වනිදු හසරංගට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් ද නියම කිරීමට තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගෙන ඇත.