පාසල් වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරන ලද වයස 14න් පහල බාලක බාලිකා සමස්ථ ලංකා වොලිබෝල් තරගාවලියේ බාලක ශූරතාවය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් දිනාගන්නා ලදී.මෙහි ලකුණු සටහන 25- 9/20-25/15- 13 ලෙස ප්‍රබල තරගයකින් ජයග්‍රහණය කරන්නට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමත් විය .බාලිකා අංශයේ ශූරතාවය මහව විජයබා ජාතික පාසල දිනාගත් අතර ,එහිදී තියුණු තරගයක් දැකගන්නට ක්‍රීඩා ලෝලීන්ට හැකි විය.මෙම තරගය 25-18 /25-20ලෙස අවසන් විය.
අවසන් පූර්ව තරගය
බාලිකා තරගය සදහා ධම්මිස්සර ජාතික පාසල සහ මලියදේව ආදර්ශ විද්‍යාලය අතර පැවැත්වුණා.මෙම තරගය මලියදේව ආදර්ශ විද්‍යාලය වට 2/0 ලෙස ජය ගනු ලැබුවා.දෙවන අවසන් පූර්ව තරගය ඉබුලාන මහා විද්‍යාලය සහ මහව විජයබා ජාතික පාසල අතර පැවැත්විණි .එම තරගය තරග වට 2/0ලෙස මහව විජයබා කන්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් වුණා.මෙම තරගාවලියේ බාලිකා තුන්වැනි ස්තානය ධම්මිස්සර ජාතික පාසල විසින් දිනා ගනු ලැබුවා.
බාලක අවසන් පූර්ව තරග
මෙහිදී ඉබුලාන මහා විද්‍යාලය සහ ධම්මිස්සර ජාතික පාසල අතර තරගයෙන් තරග වට 2/0 ලෙස ධම්මිස්සර ජාතික පාසල ජයග්‍රහණය කරනු ලැබුවා.
දෙවන තරගය ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අතර තරඟය වට 2/0ලෙස ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය දිනාගනු ලැබුවේය.
මෙම තරගාවලියේ 3වන ස්ථානය ඉබුලාන මහා විද්‍යාලය විසින් දිනා ගන්නට සමත් විය.
ජාතික ක්‍රීඩවේ පාසල් ශූරයන් දම්මිස්සර සහ විජයබා
වොලිබෝල් බාලක ශූරතාවය දම්මිස්සර සහ බාලිකා ශූරතාවය මහව විජයබාට
Volleyball