එංගලන්තයේ ක්‍රිකට් ආරක්ෂාව කළමනාකරනයට ශ්‍රී ලංකාවෙන් විශේෂ කණ්ඩායමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරක්ෂක කළමණාකරු ද ජාතික කණ්ඩායම සමඟින් එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

International Cricket

114

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක කළමනාකරුවාත් එංගලන්තයට 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරක්ෂක කළමණාකරු ද ජාතික කණ්ඩායම සමඟින් එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එංගලන්තයේ පවත්නා තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණ බව ද සඳහන්ය. කෙසේ වෙතත් ළමුන් තිදෙනෙකුට එල්ල වූ පිහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබිණි. ඊට අනුකූලව ශ්‍රී ලංකා කණ්ඩයම වෙත සළසා ඇති ආරක්ෂක උපායමාර්ග සහ ආරක්ෂක ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ අරමුණින් මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරක්ෂක කළමණාකරු එංගලන්තය බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ. 

එසේම එංගලන්ත සහ වේල්ස ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විශේෂ ආරක්ෂක තත්ත්ව වාර්තාවක් ලබා ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවද දැනගන්නට ඇත. එසේම එංගලන්තයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලබා දෙන ආරක්ෂක සැළසුම ද ඊට ඇතුළත් බව පැවැසේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂක කළමණාකරුවා එහිදී එංගලන්ත ආරක්ෂක අංශ සමඟින් සම්බන්ධව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂක කටයුතු අධීක්ෂණය කරනු ඇති බවද ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි.