දික්වැල්ලගේ විනය පරීක්ෂණය සිකුරාදා

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන්

International Cricket

91

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ලට එරෙහිව තරග තහනමක් පැනවීමට ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කළේය. එසේම ඊට අදාළව පැවැත්වීමට නියමිතව ඇති විනය පරීක්ෂණය එළැඹෙන 23 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්ය. 

එසේම යම් හෙයකින් ඔහු එහිදී වරදකරු බවට පත් වුවහොත් වසර 3කට වැඩි ක්‍රිකට් තහනමක් ඔහුට හිමිවනු ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි. 

නිමා වූ 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුර ශ්‍රී ලංකා තහනම් උත්තේජ මර්ධන නියෝජිතායතනය සිදු කළ අහඹු පරීක්ෂණයක දී ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බව හෙලි වී තිබේ. ඒ අනුව ඊට අදාළව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට එරෙහිව නැවත දැනුම්දෙන තුරු ක්‍රිකට් තහනමක් පැනවීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගනු ලැබීය.