සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 21 වැනිදා සිට

මෙවර පළාත් පාසැල් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000 ක්

National Athletics

180

උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව හා දකුණ යන පළාත් 5 කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන ‘2024 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල‘ එළැඹෙන 21 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. එසේම මෙවර පළාත් පාසැල් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000 ක් එක්වීමට නියමිතව තිබීමද විශේෂත්වයකි. 

  මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සී.බී.එල්.  සමපෝෂ සවිබල ගැන්වීමෙන් මෙවරත් පළාත් පාසැල් ක්‍රීඩා උළෙල පැවැත්වේ. 

මෙම ක්‍රීඩා උළෙල පළාත් 5 මූලික කරගනිමින් වෙන් වෙන් වශයෙන් අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මස 13 දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බව සඳහන්ය. මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 2000 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්වනු ඇත. 

ඌව පළාත් ක්‍රීඩා උළෙල මෙහි පළමු ක්‍රීඩා උළෙල ලෙස බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී අගෝස්තු මස 21 වැනිදා සිට 24 වනදා දක්වා පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සංවිධානය කර තිබේ. මෙහි දෙවන ක්‍රීඩා උළෙල වන දකුණු පළාත් ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස 27 වනදා සිට 30 වනදා දක්වා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තෙවන ක්‍රීඩා උළෙල ලෙස නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 05 වනදා සිට 09 වනදා දක්වා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වයඹ පළාත් ක්‍රීඩා උළෙල ලබන සැප්තැම්බර් මස 07 වනදා සිට 11 වනදා දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. අවසන් ක්‍රීඩා උළෙල වන උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී ලබන සැප්තැම්බර් මස 10 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.