යොවුන් ඔලිම්පික් තරගාවලියටත් ක්‍රිකට්

2030 වසරේදී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා ද ක්‍රිකට්

International Cricket

119

2030 වසරේදී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා ද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. 

ඒ අනුව අදාළ කරුණ සම්බන්ධයෙන් අයි.සී.සී.ය සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් 2030 වසරේ පැවැත්වීමට නියමිතව ඇති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය ලබා දීමට නියමිතව ඇත්තේ ඉන්දියාවයි. 2036 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පූර්ව සූදානමක් ලෙස යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයකි. එසේම 2030 වසරේ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉන්දියාවේ මුම්බායි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර අවසන් බව ද දක්වා තිබිණි. 

කෙසේ වෙතත් 1900 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් අනතුරුව 2028 වසරේ පැවැත්වෙන ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි.