මීලඟ අයි.සී.සී. මහ පුටුව ජේ ෂාට ? Jay Shah

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීලඟ සභාපති ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ICC Chairman

International Cricket

86

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීලඟ සභාපති ලෙස  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. 

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ වත්මන් අයි.සී.සී. International Cricket Council සභාපති ක්‍රෙග් බාක්ලේ සිය තෙවැනි වරටත් අදාළ තනතුර සඳහා තරග කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ක්‍රෙග් බාක්ලේගේ ධූර කාලය එළැඹෙන නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇති බවයි. 

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජේ ෂාට, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව ඇතුළු ප්‍රමුඛ පෙළේ රටවල් බොහොමයක සහාය මේ වන විටත් හිමිවී ඇති බවයි. 

එසේම ජේ ෂා අදාළ තනතුර සඳහා පත්වුවහොත් අයි.සී.සී. සභාපතිත්වයට පත් තරුණම තැනැත්තා (අවුරුදු 35) ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇත.