නිව්යෝක් තණතීරුවට අයි.සී.සී.යේ අප්‍රසාදය

2024 විස්සයි-20 ලෝක කුසලානයේදී යොදා ගත් තණතීරු තුනක් අසතුටුදාකයි

International Cricket

55

2024 විස්සයි-20 ලෝක කුසලානයේදී යොදා ගත් තණතීරු තුනක් අසතුටුදායක මට්ටමේ පැවැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (21දා) නිවේදනය කළේය. 

ඒ අනුව අදාළ තරගාවලි සඳහා යොදා ගත් නාසාවු කවුන්ටි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරග දෙක සඳහා යොදා ගත් තණතීරු ද අසතුටුදායක තත්ත්වයේ පැවැති බව සඳහන්ය. ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගය සඳහා යොදා ගත් තණතීරුත් මෙලෙස වර්ගීකරණයකට ලක් කර තිබීම විශේෂත්වයකි. 

නිව්යෝක්හිදී පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 77කට සීමා වු අතර දෙවැනි තරගයේදී ඉන්දියාව හමුවේ අයර්ලන්තය ලකුණු 96කට සීමා විය. ඊට අමතරව ඉන්දියා-අයර්ලන්ත තරගයේදී තණතීරුවේ පැවැති අසාමාන්‍ය ඉපිළීම හේතුවෙන් පන්දුව ගැටීම නිසා පිතිකරුවන් කිහිපදෙනෙකු ආබාධයන්ට ද ගොදුරු විය.